2010/06/30

හුරු පුරුදු සුවදක්

ආත්මෙන් ආත්මෙට
හුරු පුරුදු සුවදක්ද මේ,
එක මොහොතක්
ඔයා නැතුව
ඉන්න බැරිතරන්
මගේ හිත
ඔයා අරගෙන
ආයේ ඔය ඇස්
දකිනකන්,
මං කොහොම
ඉවසන්නද ??

2010/06/29

ඔබ මට අගෙයි

මේ ලෝකේ
මට මුණ ගැහුණු
හොදම හිත තියෙන්නේ
ඔයා ලග,
කොපමණ දුක්
හිතේ දරාගෙන හිටියත්,
ඔයා ලග ඉන්න
හැම මොහොතකම,
මම යලි යලි
ජීවත් වෙනවා කියලා
මට හිතෙනවා,
මටත් හිතා ගන්න බැරි තරමට
මාව ඔයාගේ කරගෙන,
කවි දස දහස් ගනනකින් වත්
ලියලා ඉවර කරන්න බැරි තරම්
ඔබ මට අගෙයි ,

2010/06/28

විශ්වාසය

විශ්වාසය ඇතිවෙන්න
කාලයක් යනවා,
ඒත් ඒක නැති වෙන්න
යන්නේ බොහොම කෙටි කාලයයි,
විශ්වාසය ඇති කරවන්න
පුළුවන් දෙයක් නෙමේයි
ඉබේ ඇති වෙන්න ඕන දෙයක්
කියලයි මට හිතෙන්නේ
මගේ විශ්වාසය
කොහොමද මම ඔයාට
තහවූරු කරන්නේ ????

2010/06/21

exam ඉවරයි

exam නම් ඉවරයි,
දැන් නම් හිතට
හරිම සැහැල්ලුයි ,,,,,,
පාඩම් කරලා,
පාඩම් කරලා,
හිතත් අවූල් වෙලා
තිබුනේ,
දැන්නම් ටික්කක්
නිදහසේ හුස්ම ගන්න පුලුවන්
ඒත් result එනකන් විතරයි
ඊට පස්සේ
අඩන්න වෙයිද
සතුටුවෙන්න වෙයිද
දන්නැහැ????????

2010/06/17

මහා මෙරක්

ඔයාගේ අදරේ මට මහා මෙරක්
වෙලාවකට හරිම ගැඹුරු,
තවත් වෙලාවකට හොඳටම සැර,
විටෙක හරිම මෘදු,
ඒ මොනවා උනත්,
හැම මොහොතේම
මාව ජීවත් කරන්නේ,
ඒ ආදරේ,
අනේ මම ඔයාට
ගොඩක් වදදෙනවා නේද?
කොච්චරනම් හිත රිදිලා ඇත්ද?
මේ හැම දේම ඉවසගෙන
ඕයා මං ගැන කොච්චර බැලුවද
තවත් මං කොහොමද ඔයාට වද දෙන්නේ
මං ගැන මේ බලන තරම්
මට මහමෙරක්
අනේ ඒ හැම දේටම ඔයාට ,
දහස් වාරයක් පින් ..........

2010/06/16

ඉවසන්න

ඔයා,
මගේ ඇස් පිල්ලම යට ඉදන්
කම්බුල් දිගේ රුටලා
වැටෙන්න,
බලාගෙන ඉන්නේ කියලා
මම දන්නවා
එත් ,
හැමෝටම හොරෙන්
මම ඉකිගහලා
අඩන කොට,
ඉබේටම
ඔයාට යන්න පුළුවන්,
එතකන් ඉවසන්න
කදුළ ...........

සිතුවිලි

විසිරිලා,
ඔහේ අවුල් වෙලා,
තියෙන සිතුවිලි ටික
එකතු කරගන්න
කොපමණ උත්සාහ කලත්
ආයේ, ආයේ,
ඔහේ පාවෙනවා
වෙලාවකට දුක,
වෙලාවකට සතුට,
මේ හැම එකක්ම
මගේ හිත
අවුල් කරලා
මේ ඔක්කොම
ඇතකට විසිකරලා
මගේ හිත
එකගකරගන්න ඕන
එත් හිත, හරිම
චංචලයි .........

2010/06/14

සුළග

ආයාසයෙන්,
සිරකරන්,
තදකරන්,
ගුලිකරන්,
සිටි
සිතුවිලි,
පාකරන්,
ඇතට
විසිකරන්,
ගියා
ඔබ
සුළග .........

2010/06/11

ප්‍රාර්ථනාව

සංසාරේ පුරාවට,
ආත්මෙන් ආත්මෙට,
ඔහු,
මගේ උණු ලෙසට,
මේ භවයේදීත්,
මගේම වන්නට,
රතු නෙලුම් පුදා,
දවසක් දා,
වැලිමළුවේ හිඳ,
මා පැතුව,
ඒ ප්‍රාර්ථනා,
සපලකර දෙන්න
බුදුසමිදුනේ !!!!!

2010/06/10

තුති මල් මිටක්

දහස ඉක්කමවා
මල්මීයට ගොඩවැදුණු
ආව ගිය ඔබ හැම
යෝද ශක්තියක්
උනා මල්මීයට,
මල්මීයේ,
ගුණ දොස් විචාලන,
අදහස්, උදහස් ,
බෙදාගත්,
ඔබ හැමට,
මල්මීයෙන්,
තුති මල් මිටක්,
අද මෙන්ම හෙටත්,
හෙට මෙන්ම,
මතු මතු වටත්
මල්මීයට ඔබ
ගොඩවදින්න,
ගුණ දොස් විචාලන්න,
අදහස් ප්‍රකාශ කරන්න,
මල්මීයට,
තව බොහෝ දුර ගමනක් යන්න,
එය මහත් රුකුලක් වේවි,
ඔබ සැමට බොහෝ පින් .............

2010/06/08

ජීවිතය

දුක් සුසුම්,
කඳුළු,
රැවුම් ගෙරවුම්,
බාදා කම් කටොලු,
නින්දා,අපහාස,
මැද,
දහස්වර
මැරි මැරී උපදින
මේ ජීවිතේ
එකම අස්වැසිල්ල
ඔබයි,
හෙටත් මා
ජීවත් කරන්නේ,
ඒ ඔබේ
ආදරයයි

2010/06/07

මගේ හැම හුස්මක්ම ඔබ

මේ අහස යට,
මිට කලින්කොච්චරනම්
අපි හමු වෙලා ඇද්ද,
හිනාවෙලා,
කතාකරලා,
වෙන් වෙලා යන්න ඇද්ද,
එත් දැන්,
ඕයා ගැන හිතන්නේ නැතිව ඉන්න
එක තත්පරයක් වත් මගේ ජීවිතේ
හොයාගන්න බැරි තරම්,
මගේ හැම හුස්මක්ම
ඔයා අරගෙන ,
ඒ තරමටම ,
මාව ඔයාගේ කරගෙන ......

2010/06/04

විභාගය

විභාගය අත ලග
සමහර වෙලාවට
අත පොත ලග,
එත් හිත .........
Assignment ඉවරයි,
කුප්පිත්ඉවරයි,
Note ගොඩගැහිලා,
Pass papers කන්දක්
මේ ඔක්කොම බලලා
Exam ගොඩ යන්නත්ඕන,
වෙලාවකට මේ ඔක්කොම දාලා,
ඔයාලගට එන්න හිතෙනවා .........

2010/06/03

ඔය ඇස්

ඔයඇස්,
කතාකරන,
හිනාවෙන,
දගකරන,
ඔය ඇස්,
තදකරන්,
හිරකරන්,
බැඳගෙන
මගේ ඇස් ,
ඔය ඇස් වලින්
ඉවතට ගන්න
බැරිතරම්...........

2010/06/02

හමුවීම


පෙරුම් පුරලා,පෙරුම් පුරලා ,
අපි හමු වෙන්නේ දහසක් දේ
කියන්න සිතාගෙන,
ඒත්,
අතින් අත තදින් බැදුනම,
දෑසට දෑස ලං උනහම,
හිත ගොළු වෙලා,
කාලය ඉගිලෙනවා
දැනෙන් නැහැ
අනේ,
ඇස් දෙකේ කඳුළු පුරෝ ගෙන
ආයේ කවදා හමුවේද සිතමින්
සමුගන්නේ,
ආයේ හමුවෙනකම් ගෙවෙන
කාලය කෙටි උනත්,
එක කල්පාන්තරයක් තරම් දිගයි