2010/08/31

අපි දෙන්නා

අපි දෙන්නා
ගතින්
තාමත්
දුරින්
හිටියත්,
හිතින්
හැම මොහොතකම
එකට
මම දන්නවා
මම වගේම
ඔයත්,
හැම
මොහොතේම
අපි ගැන
හිතනවා
කියලා

2010/08/30

මම පතපු ආදරය

මම ගන
අදුරේ
අත පත
ගගා
ආදරේ
සෙවුවේත්
නැහැ,
එත්
ඔහුගේ
ආදරයෙන්
මගේ ජීවිතයම
ආලෝකමත්
උනා,
මම අහසේ
තරු වලට
නෙමෙයි
ආදරේ කලේ
මහා පොළොවේ
පය ගහල
ඉන්න
ඔහුටයි
එක නිසා
මට,
මම,
හිතපු,
පතපු,
ආදරේ
ලැබුනා

2010/08/28

උත්පලවන්නා

ජීවිතය සේ
රැක්ක
ප්‍රේමය,
රහසේම,
අතගිලි
තුඩු
අගින්,
ගීලිහෙනා
සද,
කසාවත
පමණද
ලග දැවටුනේ
උත්පලවන්නා

2010/08/26

ප්‍රේමය

මට තාමත්
අදහගන්න බැහැ
මාව
ඔය තරමට
ඔයාට
ලං කරගත්තේ
කොහොමද කියලා,
ජීවිතේ
කවදාවත්
මම කාටවත්
මෙච්චර
ආදරේ කරලා නැහැ
සත්තයි,
ඔයාට තරම්
කාටවත්ම නැහැ
ඇත්තටම
එක හරි හැටි
කියාගන්න
කොපමණ
උත්සහ කලත්
මට තාම
බැරි උනා

2010/08/25

දොළොස්මහේ පහන

දන්නවද
රත්තරන්,
ඕයා තරම්
මට ආදරේ කරන
කවුරුවත්
මට මුණගැහිලා
නැහැ,
හැමදාම
කියනවා වගේ
ඕයා,
මගේ
මුළු ජීවිතයම
එලියකලා
හරියටම,
දොළොස්මහේ
පහන වගේ

2010/08/21

රන් වැට

රන් හිරු මෙන්
ජීවිතයම
එලිය කරපු,
දුක සැප ලග
තනි නොතනියේ
නිබද රැදෙන,
උල්පතක් වගේ
ආදරය
උතුරා පිටාර
ගලන ,
ඔබ මගේ ජීවිතේ
රන් වැට

2010/08/18

මිහිරියාව

කොපමණ
වෙලා
ඔබ ලග
සිටියත්
හිතට
මදි,
තව තවත්
වෙලා
ඔබ ලග
දැවටෙන්නට
හිත බලකරනවා,
ඇත්තටම,
ඔයා ලග
ඉන්න
හැම මොහොතක්ම,
හිත මිහිරියාවෙන්
පිරෙනවා

2010/08/17

හැන්දෑව

හිරු අවරට යන
හැන්දෑවේ ,
සීතල සුළන් රැල්ලේ
උරතලය මත
හිස හොවා,
වැවූ ඉවුර දිහා
බලන් ඉන්නට
ඔබ අවොත්
මේ හැන්දෑව
මොනතරම්
මනරම්
වේවිද ........

2010/08/16

මම දන්නවා

දන්නවා
මිනි මුතු
තරම්
මම
වටින්නේ
නැහැ කියලා,
තාරුකා
තරම්
මම
දිලිසෙන්නෙත්
නැහැ කියලා,
සුරංගනාවියක්
තරම්
මම
ලස්සනත්
නැහැ කියලා,
ඒත්
මම
දන්නවා
ඔයාට
ගොඩාක්
ආදරෙයි
කියලා

2010/08/13

ආදරේ

කොපමන
උපමා,
උපමේ,
ටිප්පනි,
වලින්
විස්තර
කරන්න
හැදුවත්
කවදාවත්
විස්තර
කරන්න
අපහසු
දෙයක් නේද ,
ආදරේ....

2010/08/12

ආදර සුවද

කොහේදෝ
ඇතක සිට,
හමන
මදනලේ
එති,
මගේ
ජීවිතයට
ඔබ
ඇවිත්,
ජීවිතයම
සුවනදවත්
කරන්නට ,
ආදර සුවද

2010/08/11

සත්‍යය

ඔයාට මම
ආදරේ කරන තරම,
මීටත් වඩා
විස්තර කරන
විදිහක්,
මට තාම
හොයාගන්න
බැරි උනා,
මගේ ආදරේ
බිඳක් වත්
අඩුවෙන්නේ නැහැ
ආයේ ආයේ
හිතුවත් ,
මට හිතෙන්නේ
මම තරම්
කාටවත්
ඔයාට
ආදරේ කරන්න
බැහැ කියලා

2010/08/09

සංසාර පුරුද්දක්

මම,
ඔයාට,
අදරේකරන්න
පටන් ගන්නකොට,,
මම හිතුවේ නැහැ
ඔයා වෙනුවෙන්
මගේ හිතේ
මෙච්චර
ලොකු ආදරයක්
ඇතිවේයි කියලා,
මටත් හිතාගන්න
බැරි තරමට
මම ඔයාට
ආදරේ කරන්න
පුරුදුවෙලා,
ඒක සංසාරේ
පුරුද්දක් වෙන්න ඇති

2010/08/06

අහස

ලා හිරුත්
එක්ක හිනාවෙනවා
හිමිදිරියේ
හැමදාම,
තව වේලාවකට
හරිම රළු විදිහට
ගිනි මද්දහනේ
දවාලනවා,
රාත්‍රියට
හරිම
සිසිලසයි
බලන් ඉන්නත්
අසයි
ඔබ
තරුත්
එක්ක හිනැහෙන හැටි,
අනේ මන්දා,
කොහොම
තේරුම් ගන්නද
ඔබ දිහා
හැමදාම
බලන්
හිටියත්
අහස

2010/08/05

පැතුම් මල්ලක්

ජීවිතේ
හුදකලා
කඩතිර
වසාලු,
බලාපොරොත්තුවේ
කවුළු
පියන් පත්
හැරදැමූ,
පැතුම් මල්ලකි
ඔබ
මගේ දිවිමගේ ........

2010/08/03

බලාපොරොත්තු

ඔහේ හැල්මේ
ගෙවුණු
ජීවිතයට,
සතුට,
සැනසුම,
ආලෝකය,
සමග
නව අරුතක්
ගෙන අවේ
ඔබයි,
දිනනෙන්
දින
ජීවිතයට
නව බලාපොරොත්තු,
කැන්දන්නෙත්
ඔබයි,
ඉතින්
මගේ
මුළු
ජීවිතේම
ඔබ
නේද?

2010/08/02

යුවතිය

විටෙක
අහිංසක,
විටෙක
හුරතල්,
විටෙක
දගකාර,
විටෙක
හැගුම්බර,
විටෙක
මුරන්ඩු,
විටෙක
මෘදු මොලොක්
බවේ
ප්‍රතිමුර්තියකි
යුවතිය