2010/09/30

තුටු පඩුරකි

නිසරු
දිවිමග,
අර්ථවත්
කරන්නට,
දෙවියන්
විසින්,
දුන්,
තුටු පඩුරකි,
ඔබ
මට

2010/09/29

ණයගැතියි

ටික
දවසකින්
ඔය ඇස්
මුණගැහෙන්
නැතුව
හිත
කේඩෑරි වෙලා,
එත්
හිත
ටික්කක් වත්
සුවපත්
වෙන්නේ
ඔය
ඇස්,
සිතින්
මවාගත්තහම,
ඒ වගේම
ඕයාගේ
සුවඳ ,
මාව
හැම මොහොතේම
ජීවත් කරනවා,
ගෙවෙන
හැම
තත්පරයකදිම,
මම
ඔයාට
තවතවත්
ආදරේ කරනවා
මේ හැම දේටම
මම
ඔයාට
ණයගැතියි

2010/09/23

ආදරේ තරම්

දැන හෝ,
නොදැන,
මම
ඔයාගේ
හිතට
දුකක්
දෙන්න
අකමැතියි,

ඔය හිත
හැම
මොහොතේම,
සතුටින්
තියන්න
ඕන
නිසා,

මම
මටත් වඩා,
ඔයාට
ආදරේ නිසා

2010/09/21

දේදුන්න

සත් පාට
වස්සන,
පාට දේදුන්නක්,
වගේ විටකදී
ඔයාගේ
ආදරේ
මට
පෙන්නේන්නේ
ආදරය,
සෙනෙහස,
කරුණාව,
දයාව,
විශ්වාසය,
ආරක්ෂාව,
ලෙන්ගතුබව,
පිරිච්ච
ලස්සනම
ලස්සන
දේදුන්නක් වගේ
හැම විටම,
මගේ
ජීවිතයම
පැහැපත්
කරනවා,
ඔයාගේ
ආදරය

2010/09/17

පාළුව

බැලු බැලු
අත,
හිස්බව,
මේ
කාන්සිය,
තනිකම,
දරන්නේ
කොහොමද?
හිත,
ඔහේ දුවනවා,
කිසිදෙයක්
කරන්න
හිත නැහැ,
පාළුව,
කාන්සිය,
මාව
වටලලා,
සුසුම් හෙළ හෙළ,
ඔහේ බලන්
ඉදලා
ඇස් දෙකත්
බොර වෙලා,
තවත් නම්
මට
ඉවසුම්
නැහැ,
හනිකට එන්න
රත්තරන්

2010/09/16

කිරිල්ලියක් උනානම්

මම කිරිල්ලියක්
උනානම්,
ඔයාව
සිහිවෙන
හැම
මොහොතකම,
සැනකින්
ඔයා ලගට
එන්න
තිබුනා
අනේ එත්,
මට
අත්තටු
නැහැනේ
එත්,
මම
හිතින්
හැම
මොහොතේම
ඔයාලග

2010/09/15

ආදරණීයම හදවත

ඔබ,
මගේ,
දුක,
සැප,
ලග
නිබදවම
රැදෙන,
විටක
මගේ
විස්වාසවන්තම
යහළුවා,
විටෙක
හොදම
ආරක්ශකයා ,
විටක
මිහිරිම
රසවතා,
විටක
ජීවිතය
හරිමග
යවන
මාර්ගෝපදේශකයා,
මේ
ඔක්කොම
කැටිවෙච්ච
ඕයා,
මට
ලැබුණු,
ආදරණීයම
හදවත

2010/09/13

දගකාර සමනලී

පුංච්
දගකාර
සමනලීයේ
කෙහෙ රැල්
සුළගට
විසිරිලා,
දගකාර කමට
සළු පිලිත්
විසිරිලා
වෙලාවකට
හුරතලෙන්
මත්වෙලා
බලන් ඉන්නත්
අසයි
ඔයාගේ
නිමක් නැති
දගකාර කම්

2010/09/09

ආදරේ අසීමිතයි

මගේ
ආදරේ
අසීමිතයි,
අහසටත්
වඩා
මුහුදටත්
වඩා,
අසීමිතයි,
වචනවලින්
ලියලා,
කියලා,
ඉවරකරන්න
බැරි තරම්
මම
ඔයාට
ආදරෙයි

2010/09/07

ඒ හිත

හිත
ආදරයක් ලග
නැවතුනහම,
හැම මොහොතේම,
හිතෙන්නේ,
හිතන්නේ,
ඒ හිත ගැනමයි
ඒ හිත
සතුටු කරන්න,
හැම වෙලාවේම
උත්සහ ගන්නවා,
ඒ හිත
ටික්කක් වත්
රිද්දන්න
අකමැති
ඒ හිත නැතුව
ජීවත් වෙන්න
අපහසු නිසා

2010/09/06

සතුට

සතුට
ඇතිවෙන්න,
බොහෝ කාලයක්
ගතවෙනවා
එත්,
සතුට
නැතිවෙන්න,
බොහොම
සුළු මොහොතයි
ගත වෙන්නේ

2010/09/03

තනිකම

හිත ඇතුලේ
තවත් කොහොම
තදකරගෙන
ඉන්නද
මේ දුක,
තනිකම,
පාළුව,
හුදකලාව,
අවිවේකි බව
අපිව දුරස් කරලා
ඔය ඇස්
නැවත
හමුවෙනකන්
මගේ හිතට
ඉවසුම් නැහැ

2010/09/02

පෙම් සිත

පෙම් සිත
ලග නැවතිලා
ආදරයෙන්
ලංවෙලා,
ඔයා ලගම
දැවටිලා,
හැම
මොහොතෙම
ඉගිකලා,
ඔබ මගේ
වග කියකියා

2010/09/01

පුංචි තරුකාව

රාත්‍රියේදී
ඈත
අහස දිහා
බලාගෙන
ඉන්නකොට
වලාකුළු
පාවෙවී
සිනාසෙන
ඒ අතරේ ,
දගකරන
පුංචි
තරුකාවක්
දැක්කා,
හරියටම
දගකාර
පුංච්
කෙල්ලෙක් වගේ
කියලා
මට හිතුනා