2010/11/30

දුක තුලින් හිනාවෙන්න

හිතේ දුක
ගුලි කරගෙන
ලෝකෙටම
පේන්න
හිනා උනාට,
ඒ හැබම
හිනාව
නෙමෙයි
කියලා
මගේ හිත
හොඳටම
දන්නවා,
එත්,
දුක තුලම
ගුලිවේවි
ඉකිබිදිනවට
වඩා,
දුක තුලින්
හිනාවෙන්න
පුළුවන්නම්
ඒක
ලොකුසතුටක්

2010/11/25

නපුරු සුළගක්

නපුරු සුළගක්
ඇවිත්
ඔය හිත
පෑරුවද?
ඒකට
මුළු රෑම
දුක් උනාද?
දන්නවද
රත්තරන්,
මමත්
ඒ ගැන
අනේක
වාරයක්
දුක් උනා

2010/11/24

නුබ

අමාවක
අහසට
පැයු
රන් පුර
හඳ
නුබ,
හත්දින්නත් තරු
මැද
පැයු
රන් තරුව
නුබ,
ඉදින්
දිනෙන් දින
මා
ජීවත් කරවන
ප්‍රාණය
නුබ

2010/11/22

මල් සුවඳක්

මගේ ජීවිතය
සුවඳවත්
කරන්න
හමා ආ
මල් සුවඳක්
තමයි
ඔබේ ආදරේ.
හැම මොහොතේම
මාව ආදරයෙන්
රැක බලා
ගන්න
මාව සතුටින්
තබන්න
ඔයා කොපමණ
වෙහෙසෙනවද,
මේ තරම්
උතුම් ආදරයක්
මට ලබා
දෙනවට
ඔයාට ගොඩක්
පින්

2010/11/19

පහන් සිලුමෙන්

බෝමළුව
මත දැල්වූ
පහන්
සිළුමේන්
ඔබ නිසා
මගේ ජීවිතය
ආලෝකමත් විය

2010/11/17

බාලිකාවේ හෙවන යට

බාලිකාවේ
හෙවන යට
අකුරු කල
ඒ සුන්දර
කාලය
හිනාවෙන්
කෙළිදෙලෙන්
දුවපැන්න
මතකය
යෙහෙලියන්
සමග
අත්වැල්
පටලමින්
දග වැඩ
කරපු
කලේ
අද ඊයේ
වගේ
මතකයි

2010/11/16

මිහිරි මතකයන්

ජීවිතේ
මිහිරි මතකයන්
අවුස්සා
යනකොට,
නිබදවම හිත
නතර වෙනතැන,
ඔබ ලග,
මතකය
පොදිකකා
අලුත්වෙනවා
ඒ ඔබ
මා සමග
ගෙවන
හැම මොහොතකම
ජීවිතය
අලුත් වේවි
මිහිරි හැගුමන්
අවදි කරන බැවින්

2010/11/15

සසර පුරුදක්

සංසාරේ
කොහේදී හරි
අපි
හමුවෙලා
ඇති,
වැඩි ඇතක
නෙමෙයි
පෙරභවයේදීත්
අපි හමුවෙන්න ඇති,
ඒ සසර පුරුද්දට
අපි
මේ භවයෙත්
හමුවුනා,
ආත්මෙන්
ආත්මෙට
දුක සැප
බෙදගත්ත
ලෙසටම
ජීවිතය
විදගන්න

2010/11/12

අපි විතරමයි

ඔය
ලමැද
මත,
හිස හොවන්,
කියනට
තව
කොපමණ දේ
ඇද්ද,
අපි අපිට
කොච්චර
ආදරේද
කියලා
දන්නේ
අපි විතරමයි
නේද
රත්තරන්

2010/11/10

සැබෑම ආදරේ

කොපමණ
හිත
වේදන්වෙන්
ඉකිබින්දත්
මම දන්නවා
ඔයාගේ
ආදරේතරම්,
එක නිසා
මගේ
ආදරෙත්
හැමදාම
එකවගේම
ඔයාට
ආදරේ කරනවා
දුක තුලම
ගුලි වෙවිත්
මම
ඔයාව හොයනවාඒ
සැබෑම
ආදරේ නිසා

2010/11/09

ජීවිතය විසල්

ජීවිතය
විසල්,
ආදරය
සුවිසල්,
මිහිර
හැමකල්,
විදිනු
හැකිකල්,
වේය
මනකල්

2010/11/08

ඔබේමයි

ආදරයේ
වපරැස
කරකවා
දෝතින්ම
මා නෙලා
ගත්තේ
කවූරුන්ද?
ඒ ඔබමද?
ඔබම නේද?
ඉදින්
දැන් මා ,
ඔබේමයි
ඔබගේම නොවේද?
ඕබගෙමයි

2010/11/03

මල් වසන්තයේ

මල් වසන්තයේ
මත් බිගුන් සැලේ,
හද උයන් කොනේ
පෙම් විමන් තැනේ,
ගුම් ගුමුන් මැදින්
රස රහස් ඇසේ,
මේ බිගුන් විලේ
පෙම් වදන් මැවේ,
රන් රනින් සැලි
සමනලුන් වටේ,
පෙම් කතන්දරේ
අම මිහිර මැවේ

2010/11/01

ජීවන යාත්‍රාව

ජීවන
යාත්‍රාව
පැදයද්දී
බාදා
කම්කටලු
මැඩන්
ඉදිරියටම
යාත්‍රා
කරන්නට
දිරියක්
ශක්තියක්
උනා
ඔබ
මට
හැමවිටම