2010/12/31

නව වසරක්

පැතුම් කන්දක්
පොදිබැදන්,
හැගුම් පියවිලි
ගොඩගසන්,
නැවුම්
බලාපොරොත්තු
අහුරු
අරගෙන,
පානගමු
නව වසරට
ආසිරි
සැමට,
නිදුක්
නිරෝගී
නව වසරකට!!!!!!

2010/12/30

උදුවප් සීතලේ

උදුවප්
සීතලේ,
උණුසුම්
හැගුම්
තෙරපවයි
ආදරේ,
කදුළු
පැන්
සුසුම්,
එපා
පාරන්න
හිත නම්
මගේ

2010/12/23

මිහිරිම හැගුම්

ගෙතෙන
සිත්තම්
මනරම්,
ඇසෙයි
කන්කළු
ගී වැල්,
හමන සීතල
සුළං,
මවයි
මිහිරිම
හැගුම්

2010/12/22

මනරම් ප්‍රේමය

ප්‍රේමයේ
මනරම්,
හැගුම්
දහරෙන්,
බැදුණු විට
ජීවිතය,
ම්හිරිබව
දැනී දැනුන
හෙයින්,
ඇට මස්
ලේ නහර
පතුලටම
කිදාබැස්සෙමි
ඔබේ ආදරය

2010/12/17

ජීවන යාත්‍රාව

ජීවන යාත්‍රාව
එකම
යාත්‍රාවක
නැගී යාත්‍රා
කරමු,
එක ඉසව්වකටම,
ඉදින් ඇරබු
නව මාවත
ඔස්සේ,
ජය ටැබ කරා

2010/12/13

ආදරේ

ආදරේ,
එක හරිම
පුදුමයි
මට
දැනෙන
හැගෙන ,
විදිහට
ආදරේ
ඇතුලේ
සුන්දරත්වය
වගේම
ආත්මාර්තකාමිත්වයත්
තියෙනවා,
මොකද
ආදරේ කියන්නේ
මටනම්
ජීවිතේ,
ඉතින්
ජීවිතය
බෙදාගෙන
විදගන්න
අහරක් නොවන
නිසා,
මට එහෙම
හැගෙනවා,
කොහොම හිතුවත්
මම දන්නේ,
මම ඔයාට
ගොඩාක් ආදරෙයි
කියල විතරයි

2010/12/10

අහස්‌ තලය සිසාරා

අහස්‌ තලය
සිසාරා,
අතුපතර
විහිදුවාලු
මහා රුක්ෂයක් සේ
සෙවන ලබා දෙන
ඔබගේ
ආදරය
මොනතරම්
අගනේද

2010/12/08

උණුහුම

මන්දාරම්
අහස
එන්න එන්නනම
සැඩ වෙනවා
මොර ගෙඩි තරම්
වතුර කැට
එකදිගට බිමට
වැටෙනවා
මුළු පරිසරයම
සීතලෙන්
වේලිලා
ඔබේ උණුහුම
මට ලැබුනන නම්
මේ මොහොත
කොතරම්
උණුසුම්ද

2010/12/06

කදුළු කැට

දෙකොපුලෙන් ගලාගිය
කදුළු කැට,
සීතලෙන් මිදිලා,
ඔහේ බලාගෙන
ඉන්නේ,
හරියට
වැටෙන්නද?
එපාද?
කියලා
මගෙන් අහන්න වගේ,
ඔයාට දෙකපුලේ
උණුහුම ඕනෙම නම්
දෙකපුල් දිගේ
ගලාගෙන යන්න
මට රිදෙන් නැහැ

2010/12/03

මගේ රත්තරන්

දන්නවද මගේ රත්තරන්
මටනම් ඔයාගෙන්
තොර හුස්මක් වත්
ගන්න බැහැ
මම දන්නවා
ඔයා මට
මොනතරම්
ආදරේද කියලා,
මටත් ඒ
ආදරේ
මහමෙරක් තරම්
වටිනවා
අනේ ඒ නිසා
හැමදාම
ඒ ආදරේ
මට ලබා දෙන්න

2010/12/02

ඔය ඇස් තුලම

ඔය ඇස් තුලම
ජීවත් වෙන්න
ආසයි මට
හැමදාමත්,
ආදරය
පිරි
උතුරන
ඔය ඇස්,
මාව
ආදරයෙන්
රැකගන්න බව
විශ්වාසයි
හැමදාමත්