2011/04/27

දෙනත්

විදහා
දෙනෙත්
සොයනා
දෙනෙත්
දහසක්
අතරින්
මිදී
මගේ
දෙනත්
සොයමින්
ඇදෙන්
ලොවටම
හොරෙන්
කතා කරන්නට
අපගේ දෙනෙත්

2011/04/22

අමිල සෙනෙහස

ජීවිතේබොහෝ
හැල හැප්පීම්
මැද,
තනිවෙලා ඉන්න
වෙලාවේ
ඔබේ
එක
වචනයක්
පවා
මගේ
හිත
සනසනවා,
මම
දන්නවා
ඕයා තරම්
මට
කිසිකෙනෙක්
ආදරේ
කරලවත්
ආදරේ
කරන්නේවත්
නැහැ කියලා

2011/04/08

වරදක්

අනේ මම ඔයාට
කොච්චර ආදරේද,
පුංචි
මුවැත්ති
මිමිනුවා,
මෙච්චර
ආදරේ
කරන
මම
කොහොමද
ඔයාට
සිහිනෙන් වත්
වරදක් කරන්නේ????????

2011/04/01

සිතක් ඇත

හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත,
හැගුම් ඇත
එහි
දහසක් වදන්
සැගවී ඇත,
පැතුම් ඇත,
එහි
සසර ඉමතෙක්
එක්කව ඉන්නට
සිතක් ඇත