2011/04/01

සිතක් ඇත

හිතක් ඇත
එහි
නිමක් නැති
පෙමක් ඇත,
හැගුම් ඇත
එහි
දහසක් වදන්
සැගවී ඇත,
පැතුම් ඇත,
එහි
සසර ඉමතෙක්
එක්කව ඉන්නට
සිතක් ඇත

1 comment:

  1. හිතක් ඇත
    එහි
    නිමක් නැති
    පෙමක් ඇත....
    පෙමක් ඇත
    එහි
    නිමක් නැති
    දුකක් ඇත...
    දුකක් ඇත
    එහි
    නිමක් නැති
    කඳුලු ඇත...
    කඳුලු ඇත
    එහි
    නිමක් නැති
    සුසුම් ඇත...
    සුසුම් ඇත
    එහි
    නිමක් මුත්
    පැතුම් ඇත

    ReplyDelete