2010/10/28

සාවියක්

මන්දාරම්
කලුවර
සීතලේ,
සාවියක් සේ
ඔබේ
උණුසුමේ
ගුලිවෙන්න
ආසයි

2010/10/26

සද සාවී

සද එබී
හිනැහෙන
රෑ ආකාසේ
වලාකුළු
මතින්
පාතබන
සද සාවී,
හිනැහෙමින්
මුමුනන්නේ
අදරේ
මිහිරියාවද?

2010/10/25

රනින්කල පිළිරුව,

හුදෙකලා
දිවිමග
එකලු කල,
මා හදේ
ලැගුම් ගත්
රනින්කල
පිළිරුව,
ඔබයි

2010/10/21

රන් තරුව

හද්දින්නත්
තරු මැද,
එලිය විහිදුවන
රන් තරුව,
නුබ.........

2010/10/20

වස්සානේ දවසක

වස්සානේ දවසක
සිත් අහසේ
පිපුණු
මල,
සුවඳ වත් කලා
මගේ මුළු
දිවියම

2010/10/19

දුක

දුක
ඇයි
ඔයා
මගේ
සතුට
හිරකරලා
තදකරලා
බැදගත්තේ????

2010/10/15

හිතට එකගව

කොච්චර
ඇනුම් ,
බැනුම්,
වලට ,
හිත රිදුනත්,
මොහොතයි,
යලිත්
හිත
සුවපත්
වෙනවා,
මොනවා
උනත්
හිතට
එකගව
බැලුවොත්,
මට,
ඔයා,
නැති ,
ලොවක් නැහැ

2010/10/14

රෑ ආකාසේ

සීත මදනල
හමන රෑ ආකාසේ
ඇත
දිලිසෙන
තාරුකා දිහා
බලාගෙන
හිනැහෙන්න
අසයි
මට
ඔබේ
තුරුලේ
හිදගෙන

2010/10/13

පදවැලක්

මිහිරි
තාලයකට
මුමුණන,
පදවැලක්
වගේ,
දැන්
මගේ
ජීවිතේ,
ඇත්තටම

ඔබ නිසා .......

2010/10/12

අමතක වෙන්නේ නැහැ

හැල්මේ දුවන මේ ජීවිතේ
මගෙන් ඔයාට ගොඩක්
අඩුපාඩු සිද්දවෙන්න ඇති
හිත රිද්ද ගන්න එපා,
මට එක මොහොතක් වත්
ඔයාව අමතක වෙන්නේ නැහැ,
හැම තත්පරයම මම ඔයත් එක්ක,
එක නිසා හිතන්න එපා මගේ ආදරේ
ටිකක් වත් අඩු වෙලා කියලා,
හැමදාම කියනවා වගේ,
දවසින් දවස තත්පරයෙන් තත්පරය,
මගේ ආදරේ වැඩිවෙනවා

2010/10/11

ඔබ තරම්

මට
ඔයා තරම්
වෙන කිසිම දෙයක්
වටින්නේ නැහැ,
ඔයා දුකින්
ඉන්දැද්ද්දි
මට එක හුස්මක්කවත්
ගන්න බැහැ,
අනේ රත්තරන්
තේරුම් ගන්න
මම ඔයාට
කොච්චර
ආදරේද කියලා

2010/10/04

ආදරේ

ඔයා
මට
කොච්චර
ආදරේද
කියල
මම
දන්නවා,
මටත්
වඩා
මම
ගැන
ඔයා
හිතන නිසා
පුංච් දේටත්
දුක
හිතෙනවා
කියලා
මම
දන්නවා,

මම
මට
ආදරේ
කරනවටත්
වඩා
ඔයා
මට
ආදරේ
කරන නිසා

2010/10/01

හීන් පොද වැස්සේ

දැසට ,
දෑස,
ලංකර
උණුසුමට
ගුලිවෙමින්,
හීන් පොද
වැස්සේ,
ඇවිද යමුද,
අපි,
හුදකලා
මාවතේ,