2010/12/31

නව වසරක්

පැතුම් කන්දක්
පොදිබැදන්,
හැගුම් පියවිලි
ගොඩගසන්,
නැවුම්
බලාපොරොත්තු
අහුරු
අරගෙන,
පානගමු
නව වසරට
ආසිරි
සැමට,
නිදුක්
නිරෝගී
නව වසරකට!!!!!!

2010/12/30

උදුවප් සීතලේ

උදුවප්
සීතලේ,
උණුසුම්
හැගුම්
තෙරපවයි
ආදරේ,
කදුළු
පැන්
සුසුම්,
එපා
පාරන්න
හිත නම්
මගේ

2010/12/23

මිහිරිම හැගුම්

ගෙතෙන
සිත්තම්
මනරම්,
ඇසෙයි
කන්කළු
ගී වැල්,
හමන සීතල
සුළං,
මවයි
මිහිරිම
හැගුම්

2010/12/22

මනරම් ප්‍රේමය

ප්‍රේමයේ
මනරම්,
හැගුම්
දහරෙන්,
බැදුණු විට
ජීවිතය,
ම්හිරිබව
දැනී දැනුන
හෙයින්,
ඇට මස්
ලේ නහර
පතුලටම
කිදාබැස්සෙමි
ඔබේ ආදරය

2010/12/17

ජීවන යාත්‍රාව

ජීවන යාත්‍රාව
එකම
යාත්‍රාවක
නැගී යාත්‍රා
කරමු,
එක ඉසව්වකටම,
ඉදින් ඇරබු
නව මාවත
ඔස්සේ,
ජය ටැබ කරා

2010/12/13

ආදරේ

ආදරේ,
එක හරිම
පුදුමයි
මට
දැනෙන
හැගෙන ,
විදිහට
ආදරේ
ඇතුලේ
සුන්දරත්වය
වගේම
ආත්මාර්තකාමිත්වයත්
තියෙනවා,
මොකද
ආදරේ කියන්නේ
මටනම්
ජීවිතේ,
ඉතින්
ජීවිතය
බෙදාගෙන
විදගන්න
අහරක් නොවන
නිසා,
මට එහෙම
හැගෙනවා,
කොහොම හිතුවත්
මම දන්නේ,
මම ඔයාට
ගොඩාක් ආදරෙයි
කියල විතරයි

2010/12/10

අහස්‌ තලය සිසාරා

අහස්‌ තලය
සිසාරා,
අතුපතර
විහිදුවාලු
මහා රුක්ෂයක් සේ
සෙවන ලබා දෙන
ඔබගේ
ආදරය
මොනතරම්
අගනේද

2010/12/08

උණුහුම

මන්දාරම්
අහස
එන්න එන්නනම
සැඩ වෙනවා
මොර ගෙඩි තරම්
වතුර කැට
එකදිගට බිමට
වැටෙනවා
මුළු පරිසරයම
සීතලෙන්
වේලිලා
ඔබේ උණුහුම
මට ලැබුනන නම්
මේ මොහොත
කොතරම්
උණුසුම්ද

2010/12/06

කදුළු කැට

දෙකොපුලෙන් ගලාගිය
කදුළු කැට,
සීතලෙන් මිදිලා,
ඔහේ බලාගෙන
ඉන්නේ,
හරියට
වැටෙන්නද?
එපාද?
කියලා
මගෙන් අහන්න වගේ,
ඔයාට දෙකපුලේ
උණුහුම ඕනෙම නම්
දෙකපුල් දිගේ
ගලාගෙන යන්න
මට රිදෙන් නැහැ

2010/12/03

මගේ රත්තරන්

දන්නවද මගේ රත්තරන්
මටනම් ඔයාගෙන්
තොර හුස්මක් වත්
ගන්න බැහැ
මම දන්නවා
ඔයා මට
මොනතරම්
ආදරේද කියලා,
මටත් ඒ
ආදරේ
මහමෙරක් තරම්
වටිනවා
අනේ ඒ නිසා
හැමදාම
ඒ ආදරේ
මට ලබා දෙන්න

2010/12/02

ඔය ඇස් තුලම

ඔය ඇස් තුලම
ජීවත් වෙන්න
ආසයි මට
හැමදාමත්,
ආදරය
පිරි
උතුරන
ඔය ඇස්,
මාව
ආදරයෙන්
රැකගන්න බව
විශ්වාසයි
හැමදාමත්

2010/11/30

දුක තුලින් හිනාවෙන්න

හිතේ දුක
ගුලි කරගෙන
ලෝකෙටම
පේන්න
හිනා උනාට,
ඒ හැබම
හිනාව
නෙමෙයි
කියලා
මගේ හිත
හොඳටම
දන්නවා,
එත්,
දුක තුලම
ගුලිවේවි
ඉකිබිදිනවට
වඩා,
දුක තුලින්
හිනාවෙන්න
පුළුවන්නම්
ඒක
ලොකුසතුටක්

2010/11/25

නපුරු සුළගක්

නපුරු සුළගක්
ඇවිත්
ඔය හිත
පෑරුවද?
ඒකට
මුළු රෑම
දුක් උනාද?
දන්නවද
රත්තරන්,
මමත්
ඒ ගැන
අනේක
වාරයක්
දුක් උනා

2010/11/24

නුබ

අමාවක
අහසට
පැයු
රන් පුර
හඳ
නුබ,
හත්දින්නත් තරු
මැද
පැයු
රන් තරුව
නුබ,
ඉදින්
දිනෙන් දින
මා
ජීවත් කරවන
ප්‍රාණය
නුබ

2010/11/22

මල් සුවඳක්

මගේ ජීවිතය
සුවඳවත්
කරන්න
හමා ආ
මල් සුවඳක්
තමයි
ඔබේ ආදරේ.
හැම මොහොතේම
මාව ආදරයෙන්
රැක බලා
ගන්න
මාව සතුටින්
තබන්න
ඔයා කොපමණ
වෙහෙසෙනවද,
මේ තරම්
උතුම් ආදරයක්
මට ලබා
දෙනවට
ඔයාට ගොඩක්
පින්

2010/11/19

පහන් සිලුමෙන්

බෝමළුව
මත දැල්වූ
පහන්
සිළුමේන්
ඔබ නිසා
මගේ ජීවිතය
ආලෝකමත් විය

2010/11/17

බාලිකාවේ හෙවන යට

බාලිකාවේ
හෙවන යට
අකුරු කල
ඒ සුන්දර
කාලය
හිනාවෙන්
කෙළිදෙලෙන්
දුවපැන්න
මතකය
යෙහෙලියන්
සමග
අත්වැල්
පටලමින්
දග වැඩ
කරපු
කලේ
අද ඊයේ
වගේ
මතකයි

2010/11/16

මිහිරි මතකයන්

ජීවිතේ
මිහිරි මතකයන්
අවුස්සා
යනකොට,
නිබදවම හිත
නතර වෙනතැන,
ඔබ ලග,
මතකය
පොදිකකා
අලුත්වෙනවා
ඒ ඔබ
මා සමග
ගෙවන
හැම මොහොතකම
ජීවිතය
අලුත් වේවි
මිහිරි හැගුමන්
අවදි කරන බැවින්

2010/11/15

සසර පුරුදක්

සංසාරේ
කොහේදී හරි
අපි
හමුවෙලා
ඇති,
වැඩි ඇතක
නෙමෙයි
පෙරභවයේදීත්
අපි හමුවෙන්න ඇති,
ඒ සසර පුරුද්දට
අපි
මේ භවයෙත්
හමුවුනා,
ආත්මෙන්
ආත්මෙට
දුක සැප
බෙදගත්ත
ලෙසටම
ජීවිතය
විදගන්න

2010/11/12

අපි විතරමයි

ඔය
ලමැද
මත,
හිස හොවන්,
කියනට
තව
කොපමණ දේ
ඇද්ද,
අපි අපිට
කොච්චර
ආදරේද
කියලා
දන්නේ
අපි විතරමයි
නේද
රත්තරන්

2010/11/10

සැබෑම ආදරේ

කොපමණ
හිත
වේදන්වෙන්
ඉකිබින්දත්
මම දන්නවා
ඔයාගේ
ආදරේතරම්,
එක නිසා
මගේ
ආදරෙත්
හැමදාම
එකවගේම
ඔයාට
ආදරේ කරනවා
දුක තුලම
ගුලි වෙවිත්
මම
ඔයාව හොයනවාඒ
සැබෑම
ආදරේ නිසා

2010/11/09

ජීවිතය විසල්

ජීවිතය
විසල්,
ආදරය
සුවිසල්,
මිහිර
හැමකල්,
විදිනු
හැකිකල්,
වේය
මනකල්

2010/11/08

ඔබේමයි

ආදරයේ
වපරැස
කරකවා
දෝතින්ම
මා නෙලා
ගත්තේ
කවූරුන්ද?
ඒ ඔබමද?
ඔබම නේද?
ඉදින්
දැන් මා ,
ඔබේමයි
ඔබගේම නොවේද?
ඕබගෙමයි

2010/11/03

මල් වසන්තයේ

මල් වසන්තයේ
මත් බිගුන් සැලේ,
හද උයන් කොනේ
පෙම් විමන් තැනේ,
ගුම් ගුමුන් මැදින්
රස රහස් ඇසේ,
මේ බිගුන් විලේ
පෙම් වදන් මැවේ,
රන් රනින් සැලි
සමනලුන් වටේ,
පෙම් කතන්දරේ
අම මිහිර මැවේ

2010/11/01

ජීවන යාත්‍රාව

ජීවන
යාත්‍රාව
පැදයද්දී
බාදා
කම්කටලු
මැඩන්
ඉදිරියටම
යාත්‍රා
කරන්නට
දිරියක්
ශක්තියක්
උනා
ඔබ
මට
හැමවිටම

2010/10/28

සාවියක්

මන්දාරම්
කලුවර
සීතලේ,
සාවියක් සේ
ඔබේ
උණුසුමේ
ගුලිවෙන්න
ආසයි

2010/10/26

සද සාවී

සද එබී
හිනැහෙන
රෑ ආකාසේ
වලාකුළු
මතින්
පාතබන
සද සාවී,
හිනැහෙමින්
මුමුනන්නේ
අදරේ
මිහිරියාවද?

2010/10/25

රනින්කල පිළිරුව,

හුදෙකලා
දිවිමග
එකලු කල,
මා හදේ
ලැගුම් ගත්
රනින්කල
පිළිරුව,
ඔබයි

2010/10/21

රන් තරුව

හද්දින්නත්
තරු මැද,
එලිය විහිදුවන
රන් තරුව,
නුබ.........

2010/10/20

වස්සානේ දවසක

වස්සානේ දවසක
සිත් අහසේ
පිපුණු
මල,
සුවඳ වත් කලා
මගේ මුළු
දිවියම

2010/10/19

දුක

දුක
ඇයි
ඔයා
මගේ
සතුට
හිරකරලා
තදකරලා
බැදගත්තේ????

2010/10/15

හිතට එකගව

කොච්චර
ඇනුම් ,
බැනුම්,
වලට ,
හිත රිදුනත්,
මොහොතයි,
යලිත්
හිත
සුවපත්
වෙනවා,
මොනවා
උනත්
හිතට
එකගව
බැලුවොත්,
මට,
ඔයා,
නැති ,
ලොවක් නැහැ

2010/10/14

රෑ ආකාසේ

සීත මදනල
හමන රෑ ආකාසේ
ඇත
දිලිසෙන
තාරුකා දිහා
බලාගෙන
හිනැහෙන්න
අසයි
මට
ඔබේ
තුරුලේ
හිදගෙන

2010/10/13

පදවැලක්

මිහිරි
තාලයකට
මුමුණන,
පදවැලක්
වගේ,
දැන්
මගේ
ජීවිතේ,
ඇත්තටම

ඔබ නිසා .......

2010/10/12

අමතක වෙන්නේ නැහැ

හැල්මේ දුවන මේ ජීවිතේ
මගෙන් ඔයාට ගොඩක්
අඩුපාඩු සිද්දවෙන්න ඇති
හිත රිද්ද ගන්න එපා,
මට එක මොහොතක් වත්
ඔයාව අමතක වෙන්නේ නැහැ,
හැම තත්පරයම මම ඔයත් එක්ක,
එක නිසා හිතන්න එපා මගේ ආදරේ
ටිකක් වත් අඩු වෙලා කියලා,
හැමදාම කියනවා වගේ,
දවසින් දවස තත්පරයෙන් තත්පරය,
මගේ ආදරේ වැඩිවෙනවා

2010/10/11

ඔබ තරම්

මට
ඔයා තරම්
වෙන කිසිම දෙයක්
වටින්නේ නැහැ,
ඔයා දුකින්
ඉන්දැද්ද්දි
මට එක හුස්මක්කවත්
ගන්න බැහැ,
අනේ රත්තරන්
තේරුම් ගන්න
මම ඔයාට
කොච්චර
ආදරේද කියලා

2010/10/04

ආදරේ

ඔයා
මට
කොච්චර
ආදරේද
කියල
මම
දන්නවා,
මටත්
වඩා
මම
ගැන
ඔයා
හිතන නිසා
පුංච් දේටත්
දුක
හිතෙනවා
කියලා
මම
දන්නවා,

මම
මට
ආදරේ
කරනවටත්
වඩා
ඔයා
මට
ආදරේ
කරන නිසා

2010/10/01

හීන් පොද වැස්සේ

දැසට ,
දෑස,
ලංකර
උණුසුමට
ගුලිවෙමින්,
හීන් පොද
වැස්සේ,
ඇවිද යමුද,
අපි,
හුදකලා
මාවතේ,

2010/09/30

තුටු පඩුරකි

නිසරු
දිවිමග,
අර්ථවත්
කරන්නට,
දෙවියන්
විසින්,
දුන්,
තුටු පඩුරකි,
ඔබ
මට

2010/09/29

ණයගැතියි

ටික
දවසකින්
ඔය ඇස්
මුණගැහෙන්
නැතුව
හිත
කේඩෑරි වෙලා,
එත්
හිත
ටික්කක් වත්
සුවපත්
වෙන්නේ
ඔය
ඇස්,
සිතින්
මවාගත්තහම,
ඒ වගේම
ඕයාගේ
සුවඳ ,
මාව
හැම මොහොතේම
ජීවත් කරනවා,
ගෙවෙන
හැම
තත්පරයකදිම,
මම
ඔයාට
තවතවත්
ආදරේ කරනවා
මේ හැම දේටම
මම
ඔයාට
ණයගැතියි

2010/09/23

ආදරේ තරම්

දැන හෝ,
නොදැන,
මම
ඔයාගේ
හිතට
දුකක්
දෙන්න
අකමැතියි,

ඔය හිත
හැම
මොහොතේම,
සතුටින්
තියන්න
ඕන
නිසා,

මම
මටත් වඩා,
ඔයාට
ආදරේ නිසා

2010/09/21

දේදුන්න

සත් පාට
වස්සන,
පාට දේදුන්නක්,
වගේ විටකදී
ඔයාගේ
ආදරේ
මට
පෙන්නේන්නේ
ආදරය,
සෙනෙහස,
කරුණාව,
දයාව,
විශ්වාසය,
ආරක්ෂාව,
ලෙන්ගතුබව,
පිරිච්ච
ලස්සනම
ලස්සන
දේදුන්නක් වගේ
හැම විටම,
මගේ
ජීවිතයම
පැහැපත්
කරනවා,
ඔයාගේ
ආදරය

2010/09/17

පාළුව

බැලු බැලු
අත,
හිස්බව,
මේ
කාන්සිය,
තනිකම,
දරන්නේ
කොහොමද?
හිත,
ඔහේ දුවනවා,
කිසිදෙයක්
කරන්න
හිත නැහැ,
පාළුව,
කාන්සිය,
මාව
වටලලා,
සුසුම් හෙළ හෙළ,
ඔහේ බලන්
ඉදලා
ඇස් දෙකත්
බොර වෙලා,
තවත් නම්
මට
ඉවසුම්
නැහැ,
හනිකට එන්න
රත්තරන්

2010/09/16

කිරිල්ලියක් උනානම්

මම කිරිල්ලියක්
උනානම්,
ඔයාව
සිහිවෙන
හැම
මොහොතකම,
සැනකින්
ඔයා ලගට
එන්න
තිබුනා
අනේ එත්,
මට
අත්තටු
නැහැනේ
එත්,
මම
හිතින්
හැම
මොහොතේම
ඔයාලග

2010/09/15

ආදරණීයම හදවත

ඔබ,
මගේ,
දුක,
සැප,
ලග
නිබදවම
රැදෙන,
විටක
මගේ
විස්වාසවන්තම
යහළුවා,
විටෙක
හොදම
ආරක්ශකයා ,
විටක
මිහිරිම
රසවතා,
විටක
ජීවිතය
හරිමග
යවන
මාර්ගෝපදේශකයා,
මේ
ඔක්කොම
කැටිවෙච්ච
ඕයා,
මට
ලැබුණු,
ආදරණීයම
හදවත

2010/09/13

දගකාර සමනලී

පුංච්
දගකාර
සමනලීයේ
කෙහෙ රැල්
සුළගට
විසිරිලා,
දගකාර කමට
සළු පිලිත්
විසිරිලා
වෙලාවකට
හුරතලෙන්
මත්වෙලා
බලන් ඉන්නත්
අසයි
ඔයාගේ
නිමක් නැති
දගකාර කම්

2010/09/09

ආදරේ අසීමිතයි

මගේ
ආදරේ
අසීමිතයි,
අහසටත්
වඩා
මුහුදටත්
වඩා,
අසීමිතයි,
වචනවලින්
ලියලා,
කියලා,
ඉවරකරන්න
බැරි තරම්
මම
ඔයාට
ආදරෙයි

2010/09/07

ඒ හිත

හිත
ආදරයක් ලග
නැවතුනහම,
හැම මොහොතේම,
හිතෙන්නේ,
හිතන්නේ,
ඒ හිත ගැනමයි
ඒ හිත
සතුටු කරන්න,
හැම වෙලාවේම
උත්සහ ගන්නවා,
ඒ හිත
ටික්කක් වත්
රිද්දන්න
අකමැති
ඒ හිත නැතුව
ජීවත් වෙන්න
අපහසු නිසා

2010/09/06

සතුට

සතුට
ඇතිවෙන්න,
බොහෝ කාලයක්
ගතවෙනවා
එත්,
සතුට
නැතිවෙන්න,
බොහොම
සුළු මොහොතයි
ගත වෙන්නේ

2010/09/03

තනිකම

හිත ඇතුලේ
තවත් කොහොම
තදකරගෙන
ඉන්නද
මේ දුක,
තනිකම,
පාළුව,
හුදකලාව,
අවිවේකි බව
අපිව දුරස් කරලා
ඔය ඇස්
නැවත
හමුවෙනකන්
මගේ හිතට
ඉවසුම් නැහැ

2010/09/02

පෙම් සිත

පෙම් සිත
ලග නැවතිලා
ආදරයෙන්
ලංවෙලා,
ඔයා ලගම
දැවටිලා,
හැම
මොහොතෙම
ඉගිකලා,
ඔබ මගේ
වග කියකියා

2010/09/01

පුංචි තරුකාව

රාත්‍රියේදී
ඈත
අහස දිහා
බලාගෙන
ඉන්නකොට
වලාකුළු
පාවෙවී
සිනාසෙන
ඒ අතරේ ,
දගකරන
පුංචි
තරුකාවක්
දැක්කා,
හරියටම
දගකාර
පුංච්
කෙල්ලෙක් වගේ
කියලා
මට හිතුනා

2010/08/31

අපි දෙන්නා

අපි දෙන්නා
ගතින්
තාමත්
දුරින්
හිටියත්,
හිතින්
හැම මොහොතකම
එකට
මම දන්නවා
මම වගේම
ඔයත්,
හැම
මොහොතේම
අපි ගැන
හිතනවා
කියලා

2010/08/30

මම පතපු ආදරය

මම ගන
අදුරේ
අත පත
ගගා
ආදරේ
සෙවුවේත්
නැහැ,
එත්
ඔහුගේ
ආදරයෙන්
මගේ ජීවිතයම
ආලෝකමත්
උනා,
මම අහසේ
තරු වලට
නෙමෙයි
ආදරේ කලේ
මහා පොළොවේ
පය ගහල
ඉන්න
ඔහුටයි
එක නිසා
මට,
මම,
හිතපු,
පතපු,
ආදරේ
ලැබුනා

2010/08/28

උත්පලවන්නා

ජීවිතය සේ
රැක්ක
ප්‍රේමය,
රහසේම,
අතගිලි
තුඩු
අගින්,
ගීලිහෙනා
සද,
කසාවත
පමණද
ලග දැවටුනේ
උත්පලවන්නා

2010/08/26

ප්‍රේමය

මට තාමත්
අදහගන්න බැහැ
මාව
ඔය තරමට
ඔයාට
ලං කරගත්තේ
කොහොමද කියලා,
ජීවිතේ
කවදාවත්
මම කාටවත්
මෙච්චර
ආදරේ කරලා නැහැ
සත්තයි,
ඔයාට තරම්
කාටවත්ම නැහැ
ඇත්තටම
එක හරි හැටි
කියාගන්න
කොපමණ
උත්සහ කලත්
මට තාම
බැරි උනා

2010/08/25

දොළොස්මහේ පහන

දන්නවද
රත්තරන්,
ඕයා තරම්
මට ආදරේ කරන
කවුරුවත්
මට මුණගැහිලා
නැහැ,
හැමදාම
කියනවා වගේ
ඕයා,
මගේ
මුළු ජීවිතයම
එලියකලා
හරියටම,
දොළොස්මහේ
පහන වගේ

2010/08/21

රන් වැට

රන් හිරු මෙන්
ජීවිතයම
එලිය කරපු,
දුක සැප ලග
තනි නොතනියේ
නිබද රැදෙන,
උල්පතක් වගේ
ආදරය
උතුරා පිටාර
ගලන ,
ඔබ මගේ ජීවිතේ
රන් වැට

2010/08/18

මිහිරියාව

කොපමණ
වෙලා
ඔබ ලග
සිටියත්
හිතට
මදි,
තව තවත්
වෙලා
ඔබ ලග
දැවටෙන්නට
හිත බලකරනවා,
ඇත්තටම,
ඔයා ලග
ඉන්න
හැම මොහොතක්ම,
හිත මිහිරියාවෙන්
පිරෙනවා

2010/08/17

හැන්දෑව

හිරු අවරට යන
හැන්දෑවේ ,
සීතල සුළන් රැල්ලේ
උරතලය මත
හිස හොවා,
වැවූ ඉවුර දිහා
බලන් ඉන්නට
ඔබ අවොත්
මේ හැන්දෑව
මොනතරම්
මනරම්
වේවිද ........

2010/08/16

මම දන්නවා

දන්නවා
මිනි මුතු
තරම්
මම
වටින්නේ
නැහැ කියලා,
තාරුකා
තරම්
මම
දිලිසෙන්නෙත්
නැහැ කියලා,
සුරංගනාවියක්
තරම්
මම
ලස්සනත්
නැහැ කියලා,
ඒත්
මම
දන්නවා
ඔයාට
ගොඩාක්
ආදරෙයි
කියලා

2010/08/13

ආදරේ

කොපමන
උපමා,
උපමේ,
ටිප්පනි,
වලින්
විස්තර
කරන්න
හැදුවත්
කවදාවත්
විස්තර
කරන්න
අපහසු
දෙයක් නේද ,
ආදරේ....

2010/08/12

ආදර සුවද

කොහේදෝ
ඇතක සිට,
හමන
මදනලේ
එති,
මගේ
ජීවිතයට
ඔබ
ඇවිත්,
ජීවිතයම
සුවනදවත්
කරන්නට ,
ආදර සුවද

2010/08/11

සත්‍යය

ඔයාට මම
ආදරේ කරන තරම,
මීටත් වඩා
විස්තර කරන
විදිහක්,
මට තාම
හොයාගන්න
බැරි උනා,
මගේ ආදරේ
බිඳක් වත්
අඩුවෙන්නේ නැහැ
ආයේ ආයේ
හිතුවත් ,
මට හිතෙන්නේ
මම තරම්
කාටවත්
ඔයාට
ආදරේ කරන්න
බැහැ කියලා

2010/08/09

සංසාර පුරුද්දක්

මම,
ඔයාට,
අදරේකරන්න
පටන් ගන්නකොට,,
මම හිතුවේ නැහැ
ඔයා වෙනුවෙන්
මගේ හිතේ
මෙච්චර
ලොකු ආදරයක්
ඇතිවේයි කියලා,
මටත් හිතාගන්න
බැරි තරමට
මම ඔයාට
ආදරේ කරන්න
පුරුදුවෙලා,
ඒක සංසාරේ
පුරුද්දක් වෙන්න ඇති

2010/08/06

අහස

ලා හිරුත්
එක්ක හිනාවෙනවා
හිමිදිරියේ
හැමදාම,
තව වේලාවකට
හරිම රළු විදිහට
ගිනි මද්දහනේ
දවාලනවා,
රාත්‍රියට
හරිම
සිසිලසයි
බලන් ඉන්නත්
අසයි
ඔබ
තරුත්
එක්ක හිනැහෙන හැටි,
අනේ මන්දා,
කොහොම
තේරුම් ගන්නද
ඔබ දිහා
හැමදාම
බලන්
හිටියත්
අහස

2010/08/05

පැතුම් මල්ලක්

ජීවිතේ
හුදකලා
කඩතිර
වසාලු,
බලාපොරොත්තුවේ
කවුළු
පියන් පත්
හැරදැමූ,
පැතුම් මල්ලකි
ඔබ
මගේ දිවිමගේ ........

2010/08/03

බලාපොරොත්තු

ඔහේ හැල්මේ
ගෙවුණු
ජීවිතයට,
සතුට,
සැනසුම,
ආලෝකය,
සමග
නව අරුතක්
ගෙන අවේ
ඔබයි,
දිනනෙන්
දින
ජීවිතයට
නව බලාපොරොත්තු,
කැන්දන්නෙත්
ඔබයි,
ඉතින්
මගේ
මුළු
ජීවිතේම
ඔබ
නේද?

2010/08/02

යුවතිය

විටෙක
අහිංසක,
විටෙක
හුරතල්,
විටෙක
දගකාර,
විටෙක
හැගුම්බර,
විටෙක
මුරන්ඩු,
විටෙක
මෘදු මොලොක්
බවේ
ප්‍රතිමුර්තියකි
යුවතිය

2010/07/30

මම

මම,
තාරුකා
තරම්
දිලිසෙන්නේ
නැති
උනාට,
ගජමුතු
තරම්
වටින්නේ
නැති
උනාට,
රතු රෝස
වගේ
ලස්සන
නැති
උනාට,
ඔයාට
පනටත්
වැඩිය
ආදරෙයි

2010/07/28

හිත හිර වෙලා

දුක
වේදනාව
පොදිබැඳගෙන
හිත හිරකරගෙන
ඔහේ බලාගෙන
සුසුම් හෙළ හෙළ
ඉන්නවා ,
නිලුපුලුත් බොර
පැහැ වෙලා,
කර කියාගත හැකි දෙයක්
නොමතිව,
මගේ හිත
අසරණ වෙලා

2010/07/27

ඔබ ගැන සිතුවිලි

දවසින් දවස
කාලය ඉගිල්ලෙනවා,
ජීවිතේ දිනනන්න
හැල්මේ දුවනවා
දහසක් වැඩකටයුතු
මැද කාලය ගතකරද්දී,
ඔයා ගැන සිතුවිලි
හිතේ හිරකරගෙන,
තදකරන්න් ඉන්නේ,
ඔයා ලගට
හනික දුවලා
එන්න බැරි නිසා,
එත්,
හිතින්,
හැම මොහොතේම
මම ඔයාගැන
සිතිවිලි අතරේ
තෙරපෙනවා

2010/07/26

සත්තමයි

කවිය කියන්නේ
ආත්මයේ කැඩපත,
ආත්මය විනිවිද
පෙනෙන එක් මානයක්
තමයි කවිය
ඉතින්,
කවිවල
ලියලා තියෙන
විදිහටම
ඊයෙත්, අදත්,
හෙටත්, හැමදාම
මගේ ආදරේ
සත්තමයි.

2010/07/22

ඕය හිත

දන්නවද රත්තරන්
ඔයා ගැන හිතන් නැතුව
එක මොහොතක්වත්
මගේ ජීවිතේ
ගෙවෙන් නැහැ කියලා,
ඔයාගේ ආදරේ
මට කොච්චර
වටිනවද කියල
දන්නේ
මම විතරයි,
එ ආදරේ නැතුව
එක හුස්මක් වත් ගන්න
මට නොහැකි බව
ඔයා දන්නවා,
දුක් වෙන්න එපා
රත්තරන්
මම උවමනාවෙන්
ඔය හිත රිද්දුවේ නැහැ

2010/07/21

තනියට

සදේ තනියට
සද සාවා
ඉන්නවා,
ඉරේ තනියට
ඉර ගිරවී
ඉන්නවා,
විලේ තනියට
රතු නෙලුම්
පිපෙනවා,
මලේ තනියට
මල් නටුව
තියෙනවා,
මගේ තනියට
ඔබේ සුවද
තියෙනවා

2010/07/20

ආදරේ වැඩිවෙනවා

ඔයා ගැන
ටික දවසකින්
ලියන්න බැරි උනාට
දුක්වෙන්න එපා,
හැල්මේ දුවන
මේ ජීවිතේ,
මේ දවස්වල
අවිවේකි බැවින්
මිරිකිලා,
දහසක් ප්‍රශ්න
මැද්දේ ගෙවෙන්නේ
ඒ උනාට
හැම හුස්මකම
ඔබ ඉන්නවා
ටිකක්වත්
අදරේ අඩු නැහැ
මොහොතින් මොහොත
දස දහස් වාරයක් පාසා
ආදරේ වැඩිවෙනවා

2010/07/16

මිහිරියාව

ජීවිතේ
තනිකම,
පාළුව,
දුක,
වේදනාව,
මකන
එකම
මිහිරියාව
ඔබ ..........

2010/07/15

ඔයාගේ ආදරේ තරම්

මම දන්නවා
ඔයාගේ ආදරේ තරම්
කිසිදා නොසිදෙන
උතුරා පිටාර යන
ගංගාවක් වගේ,
ආදරය පිරිච්ච
කිරි සයුරක් වගේ,
කිසිදා නොසැලෙන
මහා පවුරක් වගේ,
හැමදාම සිසිලස
ගෙනෙන මද නල
වගේ,
නිබදවම දුක සැප
ලග රැදෙන
පින් කදක්

2010/07/14

තරු පිරි අහසක්

ඔබ
තරු පිරි අහසක්
ගිමන් නිවාලන
සිසිලසක්,
නිබඳව ලග රැදෙන
මහා මෙරක්,
දුක ළහ තනි මකන
පද පෙළක්,
ආදරය උතුරන
උල්පතක්............

2010/07/08

කෙසේ කියන්නද?

මම කොහොම කියන්නද
මගේ ආදරේ තරම
මං කොපමණ
උත්සාහ කලත්
මට තාම ඒක
තේරුම් කරන්න
බැරි වෙලාද ??
මගේ පපුව පලලා
පෙන්නන්නද ??
මට
ඕයා නැති
ලෝකයක්
නැහැ කියලා

2010/07/06

ඇඩූම්

ටිකකට වත්
ඔය හිත රිදවන්න
මට නොහැකි බව
කියන්න,
කොපමණ වෙහෙසුනත්
කියාගන්න බැරි උනා,
මුළු රෑම ඇඩුවා
අන්තිමට
ලේකඳුළු එයි කියලා
හිතෙනකන් අඩලා
දුක මුදා හැරියා,
එත් දන්නවද
මට ඔබෙන් තොර
ලොවක් නැහැ

2010/07/01

ඔබේ මුළු ආත්මෙම

ඔය ඇස් වලින්
මම දකින
ආදරය,
ඔය හිතින්
මම ලබන
ආදරය,
ඔබේ මුළු ආත්මෙම
මං කරගෙන
මට පුදන
ආදරය,
ලබන්න මම
ගොඩක් පින් කරලා

2010/06/30

හුරු පුරුදු සුවදක්

ආත්මෙන් ආත්මෙට
හුරු පුරුදු සුවදක්ද මේ,
එක මොහොතක්
ඔයා නැතුව
ඉන්න බැරිතරන්
මගේ හිත
ඔයා අරගෙන
ආයේ ඔය ඇස්
දකිනකන්,
මං කොහොම
ඉවසන්නද ??

2010/06/29

ඔබ මට අගෙයි

මේ ලෝකේ
මට මුණ ගැහුණු
හොදම හිත තියෙන්නේ
ඔයා ලග,
කොපමණ දුක්
හිතේ දරාගෙන හිටියත්,
ඔයා ලග ඉන්න
හැම මොහොතකම,
මම යලි යලි
ජීවත් වෙනවා කියලා
මට හිතෙනවා,
මටත් හිතා ගන්න බැරි තරමට
මාව ඔයාගේ කරගෙන,
කවි දස දහස් ගනනකින් වත්
ලියලා ඉවර කරන්න බැරි තරම්
ඔබ මට අගෙයි ,

2010/06/28

විශ්වාසය

විශ්වාසය ඇතිවෙන්න
කාලයක් යනවා,
ඒත් ඒක නැති වෙන්න
යන්නේ බොහොම කෙටි කාලයයි,
විශ්වාසය ඇති කරවන්න
පුළුවන් දෙයක් නෙමේයි
ඉබේ ඇති වෙන්න ඕන දෙයක්
කියලයි මට හිතෙන්නේ
මගේ විශ්වාසය
කොහොමද මම ඔයාට
තහවූරු කරන්නේ ????

2010/06/21

exam ඉවරයි

exam නම් ඉවරයි,
දැන් නම් හිතට
හරිම සැහැල්ලුයි ,,,,,,
පාඩම් කරලා,
පාඩම් කරලා,
හිතත් අවූල් වෙලා
තිබුනේ,
දැන්නම් ටික්කක්
නිදහසේ හුස්ම ගන්න පුලුවන්
ඒත් result එනකන් විතරයි
ඊට පස්සේ
අඩන්න වෙයිද
සතුටුවෙන්න වෙයිද
දන්නැහැ????????

2010/06/17

මහා මෙරක්

ඔයාගේ අදරේ මට මහා මෙරක්
වෙලාවකට හරිම ගැඹුරු,
තවත් වෙලාවකට හොඳටම සැර,
විටෙක හරිම මෘදු,
ඒ මොනවා උනත්,
හැම මොහොතේම
මාව ජීවත් කරන්නේ,
ඒ ආදරේ,
අනේ මම ඔයාට
ගොඩක් වදදෙනවා නේද?
කොච්චරනම් හිත රිදිලා ඇත්ද?
මේ හැම දේම ඉවසගෙන
ඕයා මං ගැන කොච්චර බැලුවද
තවත් මං කොහොමද ඔයාට වද දෙන්නේ
මං ගැන මේ බලන තරම්
මට මහමෙරක්
අනේ ඒ හැම දේටම ඔයාට ,
දහස් වාරයක් පින් ..........

2010/06/16

ඉවසන්න

ඔයා,
මගේ ඇස් පිල්ලම යට ඉදන්
කම්බුල් දිගේ රුටලා
වැටෙන්න,
බලාගෙන ඉන්නේ කියලා
මම දන්නවා
එත් ,
හැමෝටම හොරෙන්
මම ඉකිගහලා
අඩන කොට,
ඉබේටම
ඔයාට යන්න පුළුවන්,
එතකන් ඉවසන්න
කදුළ ...........

සිතුවිලි

විසිරිලා,
ඔහේ අවුල් වෙලා,
තියෙන සිතුවිලි ටික
එකතු කරගන්න
කොපමණ උත්සාහ කලත්
ආයේ, ආයේ,
ඔහේ පාවෙනවා
වෙලාවකට දුක,
වෙලාවකට සතුට,
මේ හැම එකක්ම
මගේ හිත
අවුල් කරලා
මේ ඔක්කොම
ඇතකට විසිකරලා
මගේ හිත
එකගකරගන්න ඕන
එත් හිත, හරිම
චංචලයි .........

2010/06/14

සුළග

ආයාසයෙන්,
සිරකරන්,
තදකරන්,
ගුලිකරන්,
සිටි
සිතුවිලි,
පාකරන්,
ඇතට
විසිකරන්,
ගියා
ඔබ
සුළග .........

2010/06/11

ප්‍රාර්ථනාව

සංසාරේ පුරාවට,
ආත්මෙන් ආත්මෙට,
ඔහු,
මගේ උණු ලෙසට,
මේ භවයේදීත්,
මගේම වන්නට,
රතු නෙලුම් පුදා,
දවසක් දා,
වැලිමළුවේ හිඳ,
මා පැතුව,
ඒ ප්‍රාර්ථනා,
සපලකර දෙන්න
බුදුසමිදුනේ !!!!!

2010/06/10

තුති මල් මිටක්

දහස ඉක්කමවා
මල්මීයට ගොඩවැදුණු
ආව ගිය ඔබ හැම
යෝද ශක්තියක්
උනා මල්මීයට,
මල්මීයේ,
ගුණ දොස් විචාලන,
අදහස්, උදහස් ,
බෙදාගත්,
ඔබ හැමට,
මල්මීයෙන්,
තුති මල් මිටක්,
අද මෙන්ම හෙටත්,
හෙට මෙන්ම,
මතු මතු වටත්
මල්මීයට ඔබ
ගොඩවදින්න,
ගුණ දොස් විචාලන්න,
අදහස් ප්‍රකාශ කරන්න,
මල්මීයට,
තව බොහෝ දුර ගමනක් යන්න,
එය මහත් රුකුලක් වේවි,
ඔබ සැමට බොහෝ පින් .............

2010/06/08

ජීවිතය

දුක් සුසුම්,
කඳුළු,
රැවුම් ගෙරවුම්,
බාදා කම් කටොලු,
නින්දා,අපහාස,
මැද,
දහස්වර
මැරි මැරී උපදින
මේ ජීවිතේ
එකම අස්වැසිල්ල
ඔබයි,
හෙටත් මා
ජීවත් කරන්නේ,
ඒ ඔබේ
ආදරයයි

2010/06/07

මගේ හැම හුස්මක්ම ඔබ

මේ අහස යට,
මිට කලින්කොච්චරනම්
අපි හමු වෙලා ඇද්ද,
හිනාවෙලා,
කතාකරලා,
වෙන් වෙලා යන්න ඇද්ද,
එත් දැන්,
ඕයා ගැන හිතන්නේ නැතිව ඉන්න
එක තත්පරයක් වත් මගේ ජීවිතේ
හොයාගන්න බැරි තරම්,
මගේ හැම හුස්මක්ම
ඔයා අරගෙන ,
ඒ තරමටම ,
මාව ඔයාගේ කරගෙන ......

2010/06/04

විභාගය

විභාගය අත ලග
සමහර වෙලාවට
අත පොත ලග,
එත් හිත .........
Assignment ඉවරයි,
කුප්පිත්ඉවරයි,
Note ගොඩගැහිලා,
Pass papers කන්දක්
මේ ඔක්කොම බලලා
Exam ගොඩ යන්නත්ඕන,
වෙලාවකට මේ ඔක්කොම දාලා,
ඔයාලගට එන්න හිතෙනවා .........

2010/06/03

ඔය ඇස්

ඔයඇස්,
කතාකරන,
හිනාවෙන,
දගකරන,
ඔය ඇස්,
තදකරන්,
හිරකරන්,
බැඳගෙන
මගේ ඇස් ,
ඔය ඇස් වලින්
ඉවතට ගන්න
බැරිතරම්...........

2010/06/02

හමුවීම


පෙරුම් පුරලා,පෙරුම් පුරලා ,
අපි හමු වෙන්නේ දහසක් දේ
කියන්න සිතාගෙන,
ඒත්,
අතින් අත තදින් බැදුනම,
දෑසට දෑස ලං උනහම,
හිත ගොළු වෙලා,
කාලය ඉගිලෙනවා
දැනෙන් නැහැ
අනේ,
ඇස් දෙකේ කඳුළු පුරෝ ගෙන
ආයේ කවදා හමුවේද සිතමින්
සමුගන්නේ,
ආයේ හමුවෙනකම් ගෙවෙන
කාලය කෙටි උනත්,
එක කල්පාන්තරයක් තරම් දිගයි

2010/05/29

ඔබෙන් තොර


ඔබෙන් තොර
සිතුවිල්ලක්,
ඔබෙන් තොර
සිහිනයක්,
ඔබෙන් තොර
සිනහවක්,
ඔබෙන් තොර
කඳුලක්
මට කොහිද ?
ආදරයේ පැහැය,
සුවඳ,
සිසිලස,
උණුසුම,
මට කියාදුන් ඔබ,
ඉදින් ඔබෙන් තොර හුස්මක්වත්
මට කොහිද ?

2010/05/26

බැදීම්


බැදීම් වැඩි උනහම
ජීවිතේ දුක වැඩි
ඇත්ත ,
එත් අපිට
බැදීම් නැතුව ජීවත් වෙන්න බැහැ
සමහර බැදීම් සංසාරේ පුරාවට
එන ඒවා කියල හිතෙන තරම්
අපි ඒවාට බැදිලා,
ඒ බැදීම් ලේ නහර දිගේ
ඇටමිදුළු පසාරු කරගෙන ගිහින්
අපිටත් නොදැනිම
දුකි කියල දන දැනත්
අපි ඒවාට බැදෙනවා
ඒ අපි පෘතග්ජනයෝ හින්ද වෙන්නැති
සිද්ඨාර්ථ හිගි ගෙයි
නික්ක්මෙද්දී ,
යසෝදරා අඩන්න ඇත්තේ
ඒ බැදිම හින්දා වාවගන්න බැරිව
වෙන්න ඇති

2010/05/24

මගේ ආදරේ


මොනතරම් කවි ලිවත්,
මට තාම ලියා ගන්න
බැරි උන එක කවියක් තියෙනවා,
උපමා, උපමේ,ටිප්පනි,
කොච්චර ගැලපුවත්
මගේ හිතට මදි
ඒ මගේ ආදරේ කොච්චරද
කියල කියාගන්න,
වෙලාවකට ඇස්
දෙකට කදුළු එන තරං,
තවත් වෙලාවකට
ඉකි ගගහා අඩන,
විටක හිතේ හිරකරන් ඉන්න,
නැත්තම් හයියෙන් හිනාවෙන ,
මේ කොහොම කරත්
මං දන්නේ එක දෙයයි
ඒ මම තරං
මේ ලෝකේ කාටත් ඔයාට
අදරේකරන්න බැහැ
ඇත්තමයි ..........

2010/05/22

ඔබේ ආදරේ


විසල් අහසක් තරම්,
ගැඹුරු සයුරක් තරම්,
මුදු පහන් එළියක් තරම්,
මා පතනා ඔබේ ආදරේ,
චණ්ඩ සුළඟක් නොවී,
සදහට පවතීවා !!!!

2010/05/21

වැස්ස


මල් වැස්ස,
පොද වැස්ස,
අනෝරා වැස්ස,
මල් වැස්සේ හදපු
කඩදාසි බෝට්ටුව,
පොද වැස්සේ පාකලා
අනේ,
අනෝරා වැස්සට
කඩදාසි බෝට්ටුව,
සේදිලා,පොඩි වෙලා
අහෝ වැස්ස !!

මගේ මුළු ලොවම


සඳට සඳ එලිය සේ,
ගගට ගං ඉවුර සේ,
මලට මල් නටුව සේ,
මටත් මුළු ලොවම සේ,
සත්තමයි ඔබ අගේ ......

2010/05/20

සිහින


මුළු ලොවින් මිදී
ඔබ වෙතට බැදී
සිහින අපමණ
මවා හදතුල
තැනූ රන් මාලිගා
හසු උනොතින්
සැඩ කුනටුවකට
කෙසේනම් දරාගනු
හැකිවේද ?????

2010/05/18

කඳුළු


මේ කඳුළු,
ඇස් පියන්
මතින්,
එලියට පනින්නට
දගලන,
මේ කඳුළු,
තදකරන්,
ගුලිකරන්,
හංගන්න වෙරදරපු ,
මේ කඳුළු,
මටත් හොරෙන්
නිලුපුලෙන් පැන
දෙකුපුලින්
රෑටලා බිම වැටුණු
මේ කඳුළු ,
පිනි කදුළු
නම් නොවේ ...................

2010/05/17

ඔබ

ඔබ
මගේ ජීවිතයට,
වසන්තය රැගෙන
ආවා,
ඔබ
මගේ වියලී ගිය
සිත්මඩලට,
ජීවය රැගෙන
ආවා ,
කව්රුන් හෝ
නොමැති තැන්
හී පවා,
මට පාළුවක්
නොදැනෙන්නේ,
ඔබේ ආදරය නිසා ....................

2010/05/15

සරාසඳේ

දන්නවාද සරාසඳේ,
සඳසාවිගේ ආදරේ තරම්,
හැඟුනොත් හෙම දිනකදී යම්
සඳසාවිගේ ආදරේ තරම්,
සත්තයි ඔබ සොයනවමයි
කොහේ තිබුනිදැයි කියා,
මේ සා විසල් ප්‍රේමයක්...

2010/05/13

කවිකාරයාණෙනි

ආඩම්බරකාර කවිකාරයාණෙනි,
නපුරුද හැගුම් ඔතරම්,
උහුලන්න උනොත්
දුක් සුසුම් මෙතරම්,
බොද වේද  නිල් නුවන්
කොතරම් ..................

අපි

අල්ලාප සල්ලාප
දොඩවලා, දොඩවලා,
පුද්ගලික සමාගම්
දුරකථන බිල
වැඩිකලා,
අනේ,
දැන්වත්,
අපි
අපි ගැන
කතාකරමු ..................

2010/05/12

හැගුම්

හැගුම් අහස් දෑලේ
බිගුන් සසලි බමන යාමේ,
කඳුළු සුසුමේ 
වේලි සිටි මොහොතේ, 
සිනා සුළගේ වේලි 
කව්දෝ රහසේ ඇවිත් 
මගේ ලොවම 
සිහිනයක් කලා ...............