2010/05/24

මගේ ආදරේ


මොනතරම් කවි ලිවත්,
මට තාම ලියා ගන්න
බැරි උන එක කවියක් තියෙනවා,
උපමා, උපමේ,ටිප්පනි,
කොච්චර ගැලපුවත්
මගේ හිතට මදි
ඒ මගේ ආදරේ කොච්චරද
කියල කියාගන්න,
වෙලාවකට ඇස්
දෙකට කදුළු එන තරං,
තවත් වෙලාවකට
ඉකි ගගහා අඩන,
විටක හිතේ හිරකරන් ඉන්න,
නැත්තම් හයියෙන් හිනාවෙන ,
මේ කොහොම කරත්
මං දන්නේ එක දෙයයි
ඒ මම තරං
මේ ලෝකේ කාටත් ඔයාට
අදරේකරන්න බැහැ
ඇත්තමයි ..........

3 comments:

  1. මරු කවිය...එල එල

    ReplyDelete
  2. නියමයි...පදටික කියාගන්න විදියක් හම්බ උනොත් මටත් කියන්න ....මටත්..ඔකම තම වෙලා තියෙන්නේ...

    ReplyDelete
  3. ඔහොම කියන අයත් දාලා යනව අනේ෴
    පිස්සු නැතිව ඉන්න ෴

    ReplyDelete