2010/06/17

මහා මෙරක්

ඔයාගේ අදරේ මට මහා මෙරක්
වෙලාවකට හරිම ගැඹුරු,
තවත් වෙලාවකට හොඳටම සැර,
විටෙක හරිම මෘදු,
ඒ මොනවා උනත්,
හැම මොහොතේම
මාව ජීවත් කරන්නේ,
ඒ ආදරේ,
අනේ මම ඔයාට
ගොඩක් වදදෙනවා නේද?
කොච්චරනම් හිත රිදිලා ඇත්ද?
මේ හැම දේම ඉවසගෙන
ඕයා මං ගැන කොච්චර බැලුවද
තවත් මං කොහොමද ඔයාට වද දෙන්නේ
මං ගැන මේ බලන තරම්
මට මහමෙරක්
අනේ ඒ හැම දේටම ඔයාට ,
දහස් වාරයක් පින් ..........

No comments:

Post a Comment