2010/06/02

හමුවීම


පෙරුම් පුරලා,පෙරුම් පුරලා ,
අපි හමු වෙන්නේ දහසක් දේ
කියන්න සිතාගෙන,
ඒත්,
අතින් අත තදින් බැදුනම,
දෑසට දෑස ලං උනහම,
හිත ගොළු වෙලා,
කාලය ඉගිලෙනවා
දැනෙන් නැහැ
අනේ,
ඇස් දෙකේ කඳුළු පුරෝ ගෙන
ආයේ කවදා හමුවේද සිතමින්
සමුගන්නේ,
ආයේ හමුවෙනකම් ගෙවෙන
කාලය කෙටි උනත්,
එක කල්පාන්තරයක් තරම් දිගයි

2 comments:

  1. ඇත්තමයි...ඔයාගෙ පද වලින් ඒක අපූරුවට කියවෙනවා....

    ReplyDelete
  2. අපුරුයි ,හිතට ලොකු සතුටක්

    ReplyDelete