2010/08/17

හැන්දෑව

හිරු අවරට යන
හැන්දෑවේ ,
සීතල සුළන් රැල්ලේ
උරතලය මත
හිස හොවා,
වැවූ ඉවුර දිහා
බලන් ඉන්නට
ඔබ අවොත්
මේ හැන්දෑව
මොනතරම්
මනරම්
වේවිද ........

4 comments:

  1. ඒක නම් ඇත්ත.....Nice template too......:)

    ReplyDelete
  2. ඔය සිතුවිල්ල පමනක්ම කොයි තරම් ආශ්වාදයක් ගෙනදෙනවද..

    ReplyDelete
  3. මමත් වඩා කැමති උදය කාලයට වඩා හැන්දෑවටයි. ඔබ කියන ඔය වැව් ඉවුර කොහේ තියෙන එකක්දැයි මා නම් දන්නේ නෑ.
    මම දන්නේ නුවර වැව් ඉවුරේ හැන්දෑවට තියෙන දර්ශනීයත්වයයි.
    වැව වටේ තියෙන ගස් මුදුන් වලට හවස රන් වන් පාට හිරු එළිය වැටුන විට තියෙන සුන්දරත්වය .......
    මම වැව් ඉවුරේ වාඩි වී කොපමණ වේලාවක් එදෙස බලාහිඳ ඇත්තෙමිද ...?
    කොපමණ දවසක් ...?
    එය කිසිදා එපා නොවෙයි ...
    ඒ සුන්දර කාලයට නැවත පියාඹන්නට තිබේ නම් ....
    ඔබ කීවේ ඇත්තයි ... එම මොහොතේ උරහිසේ හිස හොවා ගන්නට ඔබ මා ලඟ සිටියානම් ...
    ඒ මොහොත කොපමණ සුන්දර වෙන්නට ඉඩ තිබිණිද ...?

    ReplyDelete
  4. ඒ හැන්දැව හුගාක් ලස්සන වේවි සත්තකින්ම.

    ReplyDelete